චන්ද්‍රිකා තාක්ෂණයෙන් හෙළිවන අවදානම: ලංකාවේ නායයෑම් කලාප 4,800ක් හඳුනාගැනේ!

මෑතකදී ඇති වූ සුළි කුණාටු තත්ත්වයෙන් පසු ලබාගත් චන්ද්‍රිකා ඡායාරූප විශ්ලේෂණය කිරීමේදී ශ්‍රී ලංකාව තුළ නායයෑමේ අවදානමක් සහිත ස්ථාන 4,800ක් පමණ පවතින බව නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනය (ACCIMT) අද තහවුරු කළේය. එම ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් කුමාරි මීගහකොටුව මහත්මිය සඳහන් කළේ, උසස් චන්ද්‍රිකා තාක්ෂණය භාවිතයෙන් සිදුකළ මෙම සිතියම්ගත කිරීමේදී මීට පෙර මාධ්‍ය මගින් වාර්තා කළ ප්‍රමාණයට වඩා වැඩි නායයෑම් කලාප සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බවයි. විශේෂයෙන්ම මධ්‍යම කඳුකර ප්‍රදේශවලින් වැඩිම නායයෑම් ප්‍රමාණයක් වාර්තා වී ඇති බව ඇය වැඩිදුරටත් කියා සිටියාය.​ලංකාව තුළ බොහෝ විට ආපදා කළමනාකරණය සිදුවන්නේ සිදුවීමක් වූ පසුව බවත්, පූර්ව සූදානමක අවශ්‍යතාව පවතින බවත් පෙන්වා දුන් මීගහකොටුව මහත්මිය, මෙම චන්ද්‍රිකා සිතියම් දත්ත විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය හරහා විශ්වවිද්‍යාල සහ ආපදා කළමනාකරණ ආයතන වෙත ලබාදීමට තීරණය කර ඇති බව පැවසුවාය. මීට අමතරව, ගංවතුරින් යටවන ප්‍රදේශ සහ ඉන් ඉවත් කළ යුතු පදිංචිකරුවන් හඳුනාගැනීම සඳහා ජල ගැලීම් සිතියම් ද (Inundation maps) මේ වන විට සකස් කර ඇති බව ආයතනය අවධාරණය කරයි.

What's your reaction?

Related Posts

1 of 938

Leave A Reply

Your email address will not be published. Required fields are marked *