චමල් රාජපක්ෂගේ පුත් ශමින්ද්‍ර අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණයෙන් නියෝග!

​ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහා එයාර්බස් (Airbus) යානා 14ක් මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්‍ය වංචාව සම්බන්ධයෙන් කෙරෙන මහේස්ත්‍රාත් පරීක්ෂණයට අදාළව, හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතාගේ බාල පුත් ශමින්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (02) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) නියෝග කළේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුවේ තුන්වන සැකකරු ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ශමින්ද්‍ර රාජපක්ෂ නම් කරනු ලැබීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබේ.​මෙම මූල්‍ය වංචා විමර්ශනයේ පළමු සහ දෙවන සැකකරුවන් ලෙස ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංකා විජේනායක නම් කර ඇත. 2013 වසරේදී ප්‍රංශයේ එයාර්බස් සමාගමෙන් ගුවන් යානා 14ක් මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව එම සමාගමෙන් ඇමරිකානු ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබා ගැනීම සහ එම මුදල් විශුද්ධිකරණය කිරීම සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනාට චෝදනා එල්ල වී තිබේ.

What's your reaction?

Related Posts

1 of 997

Leave A Reply

Your email address will not be published. Required fields are marked *