අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ වැඩිමහල් දියණිය වන චමිත්‍රි රඹුක්වැල්ල ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඇයව මුදා හැරීමට නියම කරන ලදී. 2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ 3(1) වගන්තිය යටතේ ගැනෙන මුදල් විශුද්ධිකරණයට ආධාර සහ අනුබල දීමේ චෝදනාව මත ඇයව අත්අඩංගුවට ගෙන තිබුණි.


























