චාමර සම්පත්ට ඇප..

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඇප මත මුදා හැරීමට බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේ ය.

ඒ, රුපියල් ලක්ෂ 10 ක ශරීර ඇපයක් මතයි.

චාමර සම්පත් දසනායක මහතා අත්අඩංගුවට ගත්තේ, ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ පළාත් සභාවට අයත් ස්ථාවර තැන්පතු ගිණුම් හයක් රාජ්‍ය බැංකුවකින් ඉවත් කර ගැනීමෙන් රජයට රුපියල් ලක්ෂ 173 ක පාඩුවක් කළේ යැයි කියන සිද්ධියට ආධාර අනුබල දීමේ චෝදනා මතයි.

පොදු දේපළ පනත යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නඩුව ගොනු කළේ ය.

කොමිසමේ නිලධාරීන් පසුගිය 16 වැනිදා අධිකරණයට දැනුම් දුන්නේ, විමර්ශන සිදු කළ චෝදනාවලට අදාළව චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයාට එරෙහිව මහාධිකරණයේ නඩු පවරන බවයි.

ඒ, චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හේතුවූ චෝදනාවට මුල්වූ ක්‍රියාවලියට අදාළව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍ය බව දැනුම් දෙමින් ය.

What's your reaction?

Related Posts

1 of 763

Leave A Reply

Your email address will not be published. Required fields are marked *