චාමර සම්පත් අප්‍රේල් 01 වැනිදා දක්වා රිමාන්ඩ්

අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා, අප්‍රේල් පළමු වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේ ය.

ඒ, රාජ්‍ය බැංකුවකින් මුදල් ඉල්ලා, කළමණාකාරවරයා එය ලබා දීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව පළාත් සභාව පවත්වාගෙන ගිය සියලු ස්ථාවර තැම්පතු එම බැංකුවෙන් ඉවත් කර ගැනීම නිසා රුපියල් මිලියන 23 ක පාඩුවක් රජයට සිදු කිරීම සම්බන්ධයෙන් වන චෝදනාව යටතේ ය.

ප්‍රකාශයක් දීම සදහා පැමිණි අවස්ථාවේ චෝදනා තුනක් යටතේ අල්ලස් කොමිසම, අද පෙරවරුවේ ඔහු අත්අඩංගුවට ගත්තේ ය.

රාජ්‍ය බැංකු දෙකකින්, රුපියල් මිලියන දෙකහමාරක මුදලක් ඌව පළාත් සභාවට ලබා ගෙන එම මුදල් චාමර සම්පත් දසනායක මහතාගේ පදනමේ ගිණුමට බැර කරවා ගැනීම ඉන් එක් චෝදනාවකි.

තවත් රාජ්‍ය බැංකුවකින් පළාත් සභාවට ලබා ගත් රුපියල් මිලියනයක මුදලක් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස බැංකු ශාඛාවකින් කෙලින්ම ඔහු අතට ලබා ගැනීම, අනෙක් චෝදනාවයි.

What's your reaction?

Related Posts

1 of 645

Leave A Reply

Your email address will not be published. Required fields are marked *