නැගෙනහිර අප්‍රිකාවේ මොසැම්බික් ජනරජයට බලපෑ චිඩෝ සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයන් 73ක් මිය ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය පවසන්නේ සුලිකුණාටුව හේතුවෙන් මිය ගිය ගණන තවදුරටත් ඉහල යා හැකි බවයි.
එමෙන්ම එරට ජාතික අවදානම් සහ ආපදා කළමනාකරණ ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ මේ වන විට පුද්ගලයින් 543 දෙනෙකු තුවාල ලබා ඇති බවයි
තවද එම ආයතනය පවසන්නේ පැයට කිලෝමීටර් 260ක පමණ වේගයෙන් සුළං සහ පැය 24 තුළ මිලිමීටර් 250 ක් පමණ තද වර්ෂාපතනයක් ඇති වූ බවයි.
ඒ අනුව එරට රජය විසින් හදිසි නවාතැන් මධ්‍යස්ථාන 02ක් පිහිටුවා තිබෙනවා.
එමෙන්ම සුලිකුණාටුව හේතුවෙන් පුද්ගලයන් මිලියන 2.5 ක් පමණ පීඩාවට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.