චීනයේ අධිවේගී මාර්ගයක කොටසක් කඩා වැටී 24කට දිවි අහිමි වෙයි

ගිනිකොනදිග චීනයේ අධිවේගී මාර්ගයක අඩි 60කට ආසන්න කොටසක් දින කිහිපයක අධික වර්ෂාවෙන් පසු අද (01) දිනයේ කඩා වැටී තිබෙනවා.

මෙම අනතුරුන් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති අතර 30 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වෙන්නේ.

කන්දක් අයිනේ දිවෙන අධිවේගී මාර්ගයක මංතීරු දෙකකට යටින් නාය යෑමක් ආරම්භ වී ඇති බව සිද්ධියෙන් පසු නිකුත් වූ ඡායාරූපවලින් පෙනී ගොස් තිබෙනවා.

එරට රජයේ ප්‍රවෘත්ති මාධ්‍ය පැවසුවේ, දිවි ගලවා ගත් බොහෝ දෙනෙකු බරපතල තුවාල ලබා ඇති අතර, රියදුරන් සහ මගීන් බරපතල අස්ථි බිඳීම් සහ අභ්‍යන්තර අවයව වලට තුවාල ලබා ඇති බවයි.

සාක්ෂිකරුවෙකු රාජ්‍ය ප්‍රවෘත්ති මාධ්‍ය වෙත පැවසුවේ තමාට විශාල පිපිරුම් හඬක් ඇසුණු බවත්, තම මෝටර් රථය පාලනය කර ගැනීමට කෙටි වේලාවක් මහත් උත්සාහයක් දැරූ බවයි.

පොලිසියේ මෙන්ම හදිසි සහ අනෙකුත් දෙපාර්තමේන්තු වල ගලවාගැනීම් 500කට වැඩි පිරිසක් යොදවා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තාකර සිටියේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *