ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්නේ තම පක්ෂය සහාය දෙන අපේක්ෂකයා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක,හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ එම පක්ෂය බොරැල්ල කැම්බල් පිටියේදී අද සංවිධාන කළ මැයි රැළිය අමතමින්.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි දින රැළිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ බොරැල්ල කැම්බල් පිටියේ දී
රොදබඳිමු අපි ඉත සිතින් – එක්සත්ව හදවතින් යන්න මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි දින රැළියේ තේමාවයි.
පසුගියවර මෙන්ම මෙවර ද එම පක්ෂයේ මැයි දින රැළිය වෙනුවෙන් පෙළපාලියක් සංවිධානය කර තිබුනේ නැහැ.

























