චීන ඉලෙක්ට්‍රොනික උපාංග මත පැනවූ නව තීරු බදු ඉවත් කිරීමට ට්‍රම්ප් තීරණය කරයි…

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, චීන භාණ්ඩ සඳහා පැනවූ  125% ක නව තීරුබදුවලින් භාණ්ඩ කිහිපයක් නිදහස් කර තිබේ.

ස්මාර්ට්ෆෝන්, පරිගණක සහ මෙමරි කාඩ්පත් ඇතුලු විවිධ ඉලෙක්ට්‍රොනික් කොටස් ඒ අතරට ඇතුළත්.

ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය දා චීනයට පැනවූ නව තීරු බදු හේතුවෙන් දුරකථන සහ ඒ ආශ්‍රිත නිශ්පාදන ඉදිරියේදී ඉහළ යනු ඇති බවට අමෙරිකානු තාක්‍ෂණ සමාගම් කනස්සල්ල ප්‍රකාශ කිරීම හේතුවෙන් එම තීරණය ගෙන ඇත.

ඒ, එම සමාගම් සඳහා අවශ්‍ය ඉලෙක්ට්‍රොනික උපාංග රැසක් චීනයෙන් ආනයනය කිරීම හේතුවෙනි.

What's your reaction?

Related Posts

1 of 768

Leave A Reply

Your email address will not be published. Required fields are marked *