චීන විදේශ අමාත්‍ය වං යී මහතා සිය අප්‍රිකානු සංචාරය නිමා කර ආපසු යන අතරතුර ලබන ජනවාරි 12 සහ 13 යන දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතය. මෙම සංචාරයේදී ඔහු විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා හමුවීමටත්, ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අගමැතිනි හරිනි අමරසූරිය යන මහත්ම මහත්මීන් හමුවීමටත් නියමිතය. මෙහිදී මෑතකදී ඇති වූ ආපදා තත්ත්වයන්ගෙන් පසු නැවත ගොඩනැගීමේ කටයුතු සඳහා විශේෂ ආධාර පැකේජයක් ඔහු විසින් ප්‍රකාශයට පත් කිරීමට ඉඩ ඇති බවද පැවසේ.චීන විදේශ අමාත්‍යවරයෙකු වසරේ ප්‍රථම විදේශ සංචාරය සඳහා අප්‍රිකාව තෝරාගන්නා 36 වන අඛණ්ඩ වසර මෙය වන අතර, ඒ අනුව ඔහු ඉතියෝපියාව, සෝමාලියාව, ටැන්සානියාව සහ ලෙසෝතෝ යන රටවල සංචාරය කරනු ඇත. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩල සාමාජිකයෙකු ද වන වං යී මහතා, අප්‍රිකානු සංගම් මූලස්ථානයේ පැවැත්වෙන “චීන-අප්‍රිකානු මහජන හුවමාරු වසර” සමාරම්භක උත්සවයට ද සහභාගී වන බව චීන මාධ්‍ය වාර්තා කරයි.


























