ඡන්ද දායකයින් හැකිතාක් කල්වේලා ඇතිව ඡන්ද පොළට ගොස් ඡන්දය සලකුණු කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති R.M.L. රත්නායක මහතා ඡන්දදායකයින්ට දැනුම්දෙයි. එයින් ඡන්දපොළවල පෝළිම් තද බදය අඩු කිරීමට හැකි බව ඒ මහතා පෙන්වා දෙයි.
සභාපතිවරයා , අද (06) උදෑසන මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මේ බව පැවසුවේය.
සියලුම ඡන්ද මධ්‍යස්ථානවල ඡන්ද විමසීමේ කටයුතු මේ වනවිට ආරම්භ වී ඇති බවත් පෙ.ව 7.00 ආරම්භ වූ ඡන්ද විමසීම ප.ව 4.00 දක්වා පැවැත්වෙන බවද හෙතෙම සඳහන් කළේය.
ඔබට ලැබෙන ඡන්ද පත්‍රිකාවේ දේශපාලන පක්ෂවල සහ ස්වාධින කණ්ඩායම්වල නම් සහ සළකුණ පමණක් සඳහන් වන බවත් තමන් කැමති දේශපාලන පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායමේ අදාළ සළකුණ ඉදිරියෙන් එක් කතිරයක් පමණක් සළකුණු කරන ලෙසත් අමතර කිසිදු දෙයක් ඡන්ද පත්‍රිකාවල නොලියන ලෙසත් සභාපතිවරයා අවධාරණය කළේය.
ඡන්ද පොළට යනවිට වලංගු අනන්‍යතා ප්‍රකාශයක් රැගෙන යාම අත්‍යවශ්‍ය වන බවත් නිල ඡන්ද පත්‍රිකාවක් ලැබී ඇත්නම් එය රැගෙන යන ලෙසත් එය ලැබී නොමැති නම් ඒ වෙනුවට වෙනත් අනන්‍යතා ප්‍රකාශක් ඉදිරිපත් කළ හැකි බවත් සභාපතිවරයා පෙන්වා දුන්නේය.
ජංගම දුරකතන, අවි ආයුධ ආදි දේවල් ඡන්ද පොළට රැගෙන යාමෙන් වළකින ලෙසත් තමන් ප්‍රකාශ කළ ඡනදය ඡායා රූප ගත කිරීම හෝ විඩීයෝ ගත කිරීම සම්පුරා තහනම් බවත් ඡන්දය දුන් ආකාරය සමාජ ඡාලාවල පල කිරීම හෝ ඒ සම්බන්ධයෙන් යම්යම් ප්‍රකාශ කිරීම සපුරා තහනම් බවත් ඒ සමුබන්ධයෙන් ආරක්ෂක අංශ අවශ්‍ය කටයුතු සිදු කරන බවද හෙතෙම පැවසීය.
සභාපතිවරයා වැඩි දුරටත් කියා සිටියේ , ඡන්දය දීමෙන් අනතුරව සාමකාමීව නිවෙස්වලට වී සිටින ලෙස සියලුම ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටින බවයි.
