ඡන්ද පෙට්ටිවල යම් දෝෂ තියනවනම් හදනවා

ඡන්ද මධ්‍යස්ථාන පිළිබඳ තොරතුරු ලැබුණු පසු ඡන්ද පෙට්ටිවල යම් දෝෂ ඇත්නම් ඒවා නිවැරදි කරන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

ඩේලි මිරර් වෙත අදහස් දක්වමින් මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක පවසා ඇත්තේ, පසුගිය මැතිවරණවලදී භාවිත කළ හානි වූ ඡන්ද පෙට්ටි රැසක් හඳුනාගෙන ඇති බවත්, ඒවා අලුත්වැඩියා කිරීම සඳහා යොමුකරන බවත්ය.

ඉදිරි මැතිවරණයට සූදානමින් නිලධාරි සංගණනයක් කඩිනමින් පවත්වන බවද හෙතෙම සඳහන් කරයි.

ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඔහු ලබන සතියේ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන හමුවී සාකච්ඡා කිරීමට ද සැලසුම් කර තිබේ.

සැප්තැම්බර් 17 සිට ඔක්තෝබර් 16 දක්වා කාලය තුළ මැතිවරණය පැවැත්වෙන බව කොමිසම මීට පෙර නිවේදනය කළේය.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *