අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැකිරාව ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කළ ජනක මහේන්ද්‍ර අධිකාරි මහතා රෝගාතුරව සිටියදී සිය වයස අවුරුදු 60 දී අභාවප්‍රාප්ත විය. ඒ සමඟම, ඔහු සමඟ සමකාලීන දේශපාලනයේ නිරත වූ හිටපු බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා පුනරුත්ථාපන නියෝජ්‍ය අමාත්‍ය එස්. සී. මුතුකුමාරණ මහතා ද අසනීප තත්ත්වයෙන් පසුවෙමින් සිටියදී ඊයේ සන්ධ්‍යාවේ අභාවප්‍රාප්ත වී ඇත. තලාව ප්‍රාදේශීය සභාවෙන් දේශපාලනය ආරම්භ කර පසුව උතුරු මැද පළාත් සභාවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළ මුතුකුමාරණ මහතා, 2010 වසරේදී කලාවැව ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ප්‍රමුඛ පෙළේ දේශපාලනඥයෙකි.


























