ජනතාවාදී වැඩපිළිවෙලකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟයි

ජනතාවාදී නව වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟවී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

සමගි ජන බලවේගයේ ප්‍රාග්ධන වෙළෙඳපොළ ඩිජිටල් සංවර්ධන සමුළුව අමතමින් විපක්ෂ නායකවරයා පැවසුවේ ඒ හරහා රට ආර්ථික වශයෙන් අස්ථාවර වීමට ඉඩ නොතබන බවයි.

සමගි ජන බලවේගය සංවිධාන කළ ප්‍රාග්ධන වෙළෙඳපොළ ඩිජිටල් සංවර්ධන සමුළුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවත්වුණා.

මේ අතර සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම ඇතුළු පිරිසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී සාකච්ඡා කර තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *