ජනතා අනුමැතිය නොමැති පනත් සම්මත කරන්නේ නැහැ – ජනාධිපති

ජනතාව එකඟ නොවන කිසිදු පනතක් පාර්ලිමේන්තුවේදී සම්මත නොකරන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (ඔක්තෝබර් 17) දින ප්‍රකාශ කළා.​ලංකා ගුරු සංගමයේ 28 වන සම්මේලනය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළ අතර, දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ විවාදයට පමණක් ගත් බවත්, ජනතාව එය ප්‍රතික්ෂේප කරන්නේ නම්, එය නීතියක් ලෙස සම්මත නොකරන බවත් පෙන්වා දුන්නා.​නීති සම්පාදනය කරන්නේ පාලකයන් සඳහා නොව ජනතාව වෙනුවෙන් බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.​පාලකයන්ගේ වාසියට නීති පමණක් නොව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා සංශෝධනය කළ කාලයක් තිබූ බවත්, නමුත් වත්මන් රජය කිසිසේත් එසේ නොකරන බවත් ජනාධිපතිවරයා පැවසුවා.

What's your reaction?

Related Posts

1 of 796

Leave A Reply

Your email address will not be published. Required fields are marked *