අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද තීරු බදු හේතුවෙන් ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට ඇති වන බලපෑම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අද (10) පෙරවරු 11ට කැඳවන ලද සර්ව පාක්ෂික නායක හමුව ආරම්භ වී ඇත.
එහිදී, අමෙරිකාවේ නව ආනයන බදු ප්‍රතිපත්තිවල වෙනස්කම් සම්බන්ධයෙන් රජය මේ වන විට ගෙන ඇති පියවරයන් පිළිබඳව පක්ෂ නායකයින් දැනුවත් කිරීම සිදු කෙරේ.
තීරු බදු සම්බන්ධ ගැටලු පිළිබඳ ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කළ යුතු යැයි විපක්ෂයේ පක්ෂ නායකයින් 12 දෙනෙකු ඉදිරිපත් කළ ඉල්ලීමකට අනුව මෙම හමුව කැඳවා තිබේ.