මැදපෙරදිග පවතින අස්ථාවර යුද වාතාවරණය හේතුවෙන් පීඩාවට පත් මෙරට අඩු ආදායම්ලාභී සහ සහන අවශ්‍ය කණ්ඩායම් වෙත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිරිනැමූ රුපියල් බිලියන 100ක සුවිශේෂී සහන වැඩපිළිවෙළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ඇගයීමට ලක්ව තිබේ. ඊයේ (09) කොළඹ මහ බැංකු මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් IMF හි ශ්‍රී ලංකා මෙහෙයුම් මණ්ඩල ප්‍රධානි ඉවාන් පාපගේජියෝ මහතා කියා සිටියේ, අභියෝගාත්මක අවස්ථාවක ජනතාවගේ සුබසාධනය උදෙසා ගත් මෙම පියවර ඉතා සාධනීය බවයි. ආර්ථික ස්ථායීතාව පවත්වා ගන්නා අතරතුර වඩාත් අවදානමට ලක්විය හැකි පිරිස් වෙනුවෙන් මෙලෙස මූල්‍ය සහාය ලබා දීම කාලෝචිත ක්‍රියාවක් බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.






















