ජනපති අනුර කුමාර දිසානායක මල්වතු මහ නා හිමියන් බැහැ දකියි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (06) උදෑසන මල්වතු මහා විහාරය වෙත ගොස් මල්වතු මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ බැහැ දුටුවේය. මෙය ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්තියෙන් පසු සිදු කළ වැදගත් හමුවක් විය.​පවතින ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා රජය මේ වන විට ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී මල්වතු මහා නාහිමියන් සවිස්තරාත්මකව දැනුවත් කරමින් කෙටි පිළිසඳරක නිරත විය. එමෙන්ම, රටේ වත්මන් තත්ත්වය සහ ඉදිරි සැලසුම් පිළිබඳවද දෙපක්ෂය අතර සාකච්ඡා වී තිබේ.

What's your reaction?

Related Posts

1 of 890

Leave A Reply

Your email address will not be published. Required fields are marked *