ජනපති අනුර දිසානායකට නව රාජ්‍ය තාන්ත්‍රිකයින් පස්දෙනෙකු අක්තපත්‍ර බාරදෙයි

​අද (13) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර දිසානායක මහතා වෙත නව රාජ්‍ය තාන්ත්‍රිකයින් පස්දෙනෙකු සිය අක්තපත්‍ර බාර දෙන ලදි. මේ අතර තානාපතිවරුන් තිදෙනෙකු සහ මහ කොමසාරිස්වරුන් දෙදෙනෙකු වෙති. අක්තපත්‍ර බාර දුන් නව රාජ්‍ය තාන්ත්‍රිකයින් අතර, කොළඹ පදනම් කරගත් කැනඩාවේ මහ කොමසාරිස් මෙනවිය. ඉසබෙල් මාරි කැතරින් මාටින් (Ms. Isabelle Marie Catherine Martin), නෙදර්ලන්ත රාජධානියේ තානාපති වීබේ ජාකොබ් ඩී බෝයර් (Mr. Wiebe Jakob De Boer), කොළඹ පදනම් කරගත් ඕස්ට්‍රේලියානු පොදුරාජ්‍ය මණ්ඩලයේ මහ කොමසාරිස් මැතිව් ජෝන් ඩක්වර්ත් (Mr. Matthew John Duckworth), නවදිල්ලියේ පදනම් කරගත් ඇල්ජීරියානු මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ තානාපති අබ්දෙනෝර් කෙලිෆි (Mr. Abdenor Khelifi) සහ නවදිල්ලියේ පදනම් කරගත් අයිස්ලන්ත ජනරජයේ තානාපති බෙනඩික්ට් හෝස්කුල්ඩ්සන් (Mr. Benedikt Höskuldsson) යන මහත්ම මහත්මීන් සිටී. මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ ජනාධිපති දිසානායක මහතා, අලුතින් අක්තපත්‍ර බාරදුන් රාජ්‍ය තාන්ත්‍රිකයින් පිළිගත් අතර, ශ්‍රී ලංකාව සහ ඔවුන්ගේ රටවල් අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට සිය සුබ පැතුම් පිරිනැමීය. මෙම අවස්ථාවට විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාද සහභාගී විය.

What's your reaction?

Related Posts

1 of 838

Leave A Reply

Your email address will not be published. Required fields are marked *