“ජනපති මොනවා කිව්වත් ජීවත් වෙන නිවසටත් බද්ද වදිනවා”

පුද්ගලයන්ගේ පළමු නිවාසයට බදු ගහන්නේ නැතිබව ජනාධිපතිවරයා පැවසුවත්, IMF කොන්දේසිවලට අනුව පළමු නිවාසයටත් බදු ගැසීමක් සිදුවන බවට එහි සඳහන්ව ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා අද (18) පාර්ලිමේන්තුවේදී පැවසුවා.

ජනාධිපතිවරයා මේ බද්ද ඉවත් කරගන්නා බව පවසන්නේ නම් සතුටු වෙන බවද මන්ත්‍රීවරයා පවසා සිටියා.

නමුත් IMF ගිවිසුමේ වචනයක්වත් වෙනස් කරන්නට නොහැකි බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාම පවසා ඇති බවද එහිදී මන්ත්‍රීවරයා සිහිපත් කළා.

ඊළඟ මාස හතරේ නිර්මාණය වන අලුත් ආණ්ඩුව යටතේ මේ අසාධාරණ බදු වෙනස් කරන බව හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *