ජනපති සහ ජාත්‍යන්තර සිංහ සමාජයේ සභාපති අතර හමුවක්

මෙරට ළමා සහ තරුණ ප්‍රජාවගේ මානසික සෞඛ්‍යය නගා සිටුවීමට හා සුබසාධනය සඳහා ජාත්‍යන්තර සිංහ සමාජයේ සහය ලබා දෙන බව එහි සභාපති ෆැබ්‍රිසියෝද ඔලිවෙයිරා මහතා පවසයි.

ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග අද (26) පැවති සාකච්ඡාවකදීයි.

ජාත්‍යන්තර සිංහ සමාජයේ විසින් මේ වන විට ශ්‍රී ලංකාවේ සිදුකරමින් තිබෙන ආහාර සුරක්ෂිතතා වැඩසටහන්, විවිධ ආපදාවන්ට පත්වූවන් වෙනුවෙන් ක්‍රියාත්මක සහන වැඩසටහන් සහ අධ්‍යාපනික ව්‍යාපෘති අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාමට ද සභාපතිවරයා සහතික වී තිබේ.

ජාත්‍යන්තර සිංහ සමාජය විසින් ශ්‍රී ලංකාව තුළ ආරම්භ කර ඇති නව ව්‍යාපෘති සහ එහි ක්‍රියාකාරීත්වය එහිදී අගය කළ ජනාධිපතිවරයා ඒ පිළිබඳව සිය ස්තූතිය පල කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

What's your reaction?

Related Posts

1 of 762

Leave A Reply

Your email address will not be published. Required fields are marked *