ජනප්‍රිය මෙක්සිකානු මල්ලවපොර ශුර රේ මිස්ටිරියෝ සීනියර් මියයයි

ජනප්‍රිය මෙක්සිකානු මල්ලවපොර ශුර රේ මිස්ටිරියෝ සීනියර් මිය ගොස් තිබෙනවා.

මිය යන විට ඔහු 66 හැවිරිදි වියේ පසු වූ බවයි වාර්තා වන්නේ.

මෙම මරණය සිදුවන්නේ ඔහුගේ පියා වන රොබර්ටෝ ගුටරෙස් මිය ගොස් මසකට පසුවයි. කෙසේ වෙතත් ඔහුගේ හදිසි මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

රේ මිස්ටිරියෝ සීනියර් ගේ මරණය ලුචා ලිබ්‍රේ ඒඒඒ වර්ල්ඩ්වයිඩ් සංවිධානය විසින් සිය ටිවිටර් ගිණුමේ පල කල අතර ලොව පුරා වෙසෙන ඔහුගේ රසිකයන් එයට සිය ශෝකය පල කර තිබෙනවා.

ඔහු ජනප්‍රිය හෝල් ඔෆ් ෆෙමර් තරුවක් වන රේ මිස්ටිරියෝ ජුනියර්ගේ මාමා වන බවයි වාර්තා වන්නේ.

රේ මිස්ටිරියෝගේ සැබෑ නම මිගෙල් අන්ජලොපෙස් ඩියස් බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. 1976 වර්ෂයේදී ඔහු සිය වත්තියමය මල්ලවපොර ජීවිතය ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව රේ මිස්ටිරියෝ සීනියර් 1990 වර්ෂයේදී ලෝක ශූරතා මල්ලවපොර ස්ටාර්කේඩ් වැනි ඉසව් ඇතුළුව ජාත්‍යන්තර ඉසව්වලින්ද සිය දක්ෂතා දක්වා ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු 2009 වර්ෂයේදී මල්ලවපොර ක්‍රීඩාවෙන් නිල වශයෙන් විශ්‍රාම ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් ජනප්‍රිය මෙක්සිකානු මල්ලවපොර ශුර රේ මිස්ටිරියෝ සීනියර් මල්ලවපොර ක්‍රීඩාවට තිබු ආශාව හේතුවෙන් විශ්‍රාම යාමෙන් පසුවද මල්ලවපොර තරග සඳහා සහභාගී වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කලේ.

What's your reaction?

Related Posts

1 of 145

Leave A Reply

Your email address will not be published. Required fields are marked *