ජනමාධ්‍යවේදීන් වෙත සිදුවන තර්ජන කිරීම්, බියවැද්දීම්, පහරදීම් ඇතුළු හිරිහැරවලට විරෝධය දැක්වීම හා මහජන අත්සන් ලබාගැනීමේ වැඩසටහනක් ‘ජනවාරිය තවම කළුයි’ මැයෙන් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදින්ගේ සංගමය විසින් අද 29දා) සවස කොටුව දුම්රියපළ ඉදිරිපිටදී පවත්වනු ලැබුවා.

ජනමාධ්‍යවේදීන්ට බොහෝ අපරාධ සිදුව ඇත්තේ ජනවාරි මාසය කේන්ද්‍ර කොටගෙන බැවින් සෑම රජයකින්ම එම සිදුවූ අපරාධවලට යුක්තිය අපේක්ෂා කරමින් ජනවාරි මාසය කළු ජනවාරි ලෙස ජනමාධ්‍ය සමාජය විසින් නම් කර තිබේ.

දශක තුනකට ආසන්න කාලයක් පුරා ජනමාධ්‍යවේදීන්ට සිදුවූ තර්ජනය කිරීම්, බිය වැද්දීම්, පහරදීම්, පැහැරගෙන යෑම්, ඝාතනය කිරීම්, මාධ්‍ය ආයතනවලට බෝම්බ ගැසීම් හා ගිනි තැබීම් වැනි අපරාධ රැසක් සම්බන්ධයෙන් නිසියාකාර පරීක්ෂණ හෝ යුක්තිය ඉටු නොකළ ඉතිහාසයක් මෙන්ම වර්තමානයක් ද උරුම වී ඇති බැවින් එයට එරෙහිව මෙම වැඩසටහන සංවිධානය කරන බව එම සංගමයේ සභාපති දුමින්ද සම්පත් හා ලේකම් රංග බණ්ඩාරනායක යන මහත්වරුන් සඳහන් කරයි.

වොයිස් කට්

1.දුමින්ද සම්පත්
වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති

2.එම්.ජී.ආර්.අතුළ
ප්‍රජාතන්ත්‍රවාදී රාජය සේවා වෘත්තීය සමීති සම්මේලනය ලේකම්

  1. බුවනක එස් පෙරේරා
    ශ්‍රී ලංකා වෘත්තීයේ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සාමාජික

What's your reaction?

Related Posts

1 of 564

Leave A Reply

Your email address will not be published. Required fields are marked *