ජනමාධ්‍ය සෞඛ්‍ය ඇමතිත් ක්ලීන් ශ්‍රී ලංකා ප්‍රතිඥාවට එක්වෙයි

.ආර්ථිකය නැංවීමට දායකවන ජනතාවට නිරෝගීමත් සෞඛ්‍ය සම්පන්න ජිවිතයක් අත්පත් කරදීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්යභාරය වන බව නව වසරේ රාජකාරී ආරම්භ කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සේවකයින් නව වසරේ රාජකාරි ආරම්භ කිරීමේ නිල උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේ දී සිදු කෙරිනි.මෙවර සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සේවකයන් රාජකාරි ආරම්භ කිරීමේ දී ලබාදුන් ප්‍රතිඥාව නව රජය විසින් අරඹනු ලැබූ ‘Clean Sri Lanka’ වැඩපිළිවෙල සමග බද්ධ වූ ප්‍රතිඥාවක් ලෙස ජාතික උත්සවයට සමගාමීව ලබාදීමට කටයුතු කිරිම ද විශේෂත්වයක් විය.සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ආයතන 41 කින් යුත් විශාල අමාත්‍යාංශයක් බවත්, ඉදිරියේ දී නෙවිල් ප්‍රනාන්දු රෝහල ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතට ගැසට් වනු ඇති බවත් ඒ අනුව මීට පෙර පැවැති සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, ජනමාධ්‍ය සහ තැපැල් හා විදුලි සංදේශ ආදි ලෙස අමාත්‍යාංශ රැසක් යටතේ වු දැවන්ත කාර්යභාරයක් වර්තමාන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය යටතට ගැනෙන බවත් ඒ හා සමානව වගකීම් ද ඉතා ඉහල අගයකින් යුත් බවත් ප්‍රථම වරට එම අමාත්‍යංශයේ නිලධාරීන් අමතමින් මෙම උත්සවයේදී අමාත්‍යවරයා පැවසීය. නව යුගයකට යෑමට මෙරට සියළු ජනතාව බලාපොරොත්තු සහගතව විශාල ජනවරමක් නව රජයට ලබාදි ඇති බව මෙහිදී පෙන්වා දුන් අමාත්‍යවරයා ඉදිරි වසර පහ තුල ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ එම බලාපොරොත්තු සථල කරමින් රට ඔසවා තැබීමේ වගකීම සියලු නිලධාරීන්ගේ හා පුරවැසියන්ගේ දායකත්වයෙන් රජය විසින් ඉටු කිරීමට සැලසුම් සකස් කර ඇති බවද වැඩිදුරටත් පැවසීය. නව රජයේ ආර්ථික වැඩපිළිවලේ ප්‍රමුඛත්වය නිෂ්පාදනය කේන්ද්‍රකරගත් ආර්ථිකයක් බවත්, එහිදි අමාත්‍යාංශවලට, ආයතනවලට ඉළක්ක ලබා දෙමින් සිටින බවත්, එම ඉලක්ක අනුව යමින් ආර්ථිකය නැංවීමට දායකවන මෙරට ජනතාවට නිරෝගීමත් සෞඛ්‍ය සම්පන්න ජිවිතයක් අත්කරදීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්යභාරය වන බව ද මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය. එම කටයුත්ත සිදු කිරිමට ලක්ෂ එකහමාරක් පමණ වන සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ වන සියළු සේවකයින් එකාවන්ව, මනා දැනුවත්වත්වීමකින් යුතුව සහ කැපවීමෙන් ඉදිරිකාලය තුළ කටයුතු කිරීමට අධිෂ්ඨාන කරගත යුතුබවද අමාත්‍යවරයා අවධාරණය කලේය.සෞඛ්‍ය සේවාව ලාභ ලබන සේවාවක් ලෙස රජය නොසලකන බවත්, මෙහිදී වැඩිදුරටත් සදහන් කළ අමාත්‍යවරයා සෞඛ්‍ය යනු මහජන සේවාවක් බවත්, ඒ වෙනුවෙන් රටේ ජනතාව මහන්සියෙන් උත්පාදනය කරන ධනය කැපකරන බවත් එබැවින් පෙරලා ජනතාවට සේවය කිරිම පිණිස එම සම්පුර්ණ ධනයම යෙදවීම රජය බලාපොරොත්තු වන බවද පැවසීය.මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, ඡ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරුන් ඇතුලු කාර්ය මණ්ඩල සමාජිකයන් එ

What's your reaction?

Related Posts

1 of 465

Leave A Reply

Your email address will not be published. Required fields are marked *