ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම සැප්තැම්බර් 3 වැනිදා සිට 14 වැනිදා දක්වා

2024 ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම සැප්තැම්බර් 3 වැනිදා ආරම්භ වී 14 වැනිදා අවසන් කරන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ රණසිංහ පවසනවා.

ඒ අනුව, ඡන්ද පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස සැප්තැම්බර් 08 (ඉරිදා) නම් කරන බවයි ඔහු පවසන්නේ.

එදින පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා අදාළ කටයුතු සිදු කිරීමට නියමිත බව සඳහන්.

එමෙන්ම මැතිවරණ දිනය දක්වාම රාජකාරී වෙලාව තුළ තමන්ට ලිපි ලැබෙන තැපැල් කාර්යාලයට ගොස් අනන්‍යතාවය තහවුරු කර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව අත්සන් සහිතව රැගෙන ඒමේ හැකියාව ලබාදී තිබෙනවා.

ජනාධිපතිවරණය සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ කාර්යභාරය ඉදිරියට යෙදී තිබෙන අතර, ඒ අනුව මැතිවරණ කොමිසම් සභාවේ දිනය පරිදි අගෝස්තු 26 වැනිදා ප්‍රථම වරට ඡන්ද පත්‍රිකා යැවීම සිදුකරන බව පැවසේ.

විශේෂයෙන් තැපැල් ඡන්ද දායකයන් සඳහා ඡන්ද පත්‍රිකා අඩංගු පැකට්ටු තැපැල් දෙපාර්තමේන්තුව වෙත භාරදීමේ කටයුතු 26 වැනිදා සිදු කරන බවත්, සියලුම දිස්ත්‍රික්වල ප්‍රාදේශීය තැපැල් අධිකාරිවරුන්, පළාත්බද නියෝජ්‍ය තැපැල්පතිවරුන් සියලු දෙනා එකතු වී මෙම කටයුත්ත සිදු කරන බවත්, නියෝජ්‍ය තැපැල්පතිවරයා පවසනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *