ජනාධිපති පරිසර සම්මාන 2025 සඳහා අයදුම්පත් කැඳවයි

පරිසර හිතකාමී ක්‍රියාකාරීන් ජාතික මට්ටමින් අගයන ජනාධිපති පරිසර සම්මාන 2025 සඳහා අයදුම්පත් කැඳවා ඇකි බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

 ශ්‍රී ලංකාවේ පරිසරය සුරැකීම වෙනුවෙන් සුවිශේෂී කාර්‍යභාරයක් ඉටු කරන කර්මාන්තකරුවන්, වෘත්තිකයන්, ආයතන, සංවිධාන සහ පාසල් ඇතුලු ක්ෂේත්‍ර ගණනාවකට මේ සඳහා අයදුම් කළ හැකි බවද එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.

මේ සඳහා සියලුම තොරතුරු මධ්‍යම පරිසර අධිකාරියේ www.cea.lk යන වෙබ් අඩවියෙන් ද දුරකථන අංක 0112 872 278 මඟින් හෝ මධ්‍යම පරිසර අධිකාරියේ පළාත් සහ දිස්ත්‍රික් කාර්‍යාල මඟින් ලබාගත හැකි අතර 2025 මැයි 16 වනදාට පෙර අයදුම්පත් යොමු කළ යුතු බව මධ්‍යම පරිසර අධිකාරිය වැඩිදුරටත් පවසයි.

What's your reaction?

Related Posts

1 of 724

Leave A Reply

Your email address will not be published. Required fields are marked *