ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් රථවාහන විසිනමයක් (29) අස්ථානගතවීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකෙරෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට බී වාර්තාවක් ඉදිරිපත් කරමින් දැනුම් දුන්නේය.
ජනාධිපති ලේකම්වරයා සිදු කරන ලද පැමිණිල්ලකට අදාළව විමර්ශන සිදු කරන බව මෝසමක් ගොනු කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ බව දන්වා සිටියේය.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විටත් අතිරේක ලේකම්වරයකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත්
එම අදාළ වාහන 29යෙන් දහසයක් (16) අවසන් වරට භාවිත කල පුද්ගලයන්ගේ විස්තර ඇති බවත් දැනුම් දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉන්
වාහන දහතුනක් සම්බන්ධයෙන් කිසිම තොරතුරක් නැති බවද දන්වා සිටියේය.
විමර්ෂනයට අදාලව පළාත් නමය තුළ ඇති පළාත් පාලන ආයතන වලින් මෙම රථවාහන සම්බන්ධයෙන් ලිපි ගනුදෙනු සිදුවී ඇත යන්න පිළිබඳව තොරතුරු විමසා ඇතැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ අනුව විමර්ශන සිදු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය විමර්ශන වලට අදාළ ප්‍රගතිය දැනුම් දීම සඳහා මාර්තු මස 12 වෙනිදා නඩුව කැඳවන ලෙසත් නියෝග කළාය.