ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගු කාලීන මිත්‍රත්ව බැඳීම පෙරටුව ජපානයේ අධ්‍යාපනය ලැබීමට සහ රැකියා අවස්ථා සඳහා ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ට පැමිණෙන ලෙස ශ්‍රී ලංකාවේ නව ජපාන තානාපති ඉසොමතා අයිකෝ (Isomata Aiko) මහතා ආරධනා කරයි.

ජපානයේ ප්‍රථම ථේරවාදී බෞද්ධ විහාරය වන ජපානයේ සවරා ලංකා ජී විහාරාධිපති ජපානයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන් බැහැදැකීමට මලිගාකන්ද අග්‍රශ්‍රාවක මහා විහාරයට ජපන් තානාපතිතුමා පැමිණි අවස්ථාවේ ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝ කාලීන ආගමික, සංස්කෘතික හා ආර්ථික සහෝදරත්වය අඛණ්ඩව ඉදිරියට පවත්වා ගෙන යන බවත්, ජපානය තුළ පවතින උසස් අධ්‍යාපන අවස්ථා සා රැකියා අවස්ථාවන් සඳහා ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ට පැමිණෙන ලෙස තානාපතිතුමා මෙහි දී ලාංකිකයන්ට විවෘතව ආරාධනා කළේය.

මාලිගාකන්ද අග්‍රශ්‍රාවක මහා බෝධි විහාරයට1956 ජපානයේ එවකට ඔටුන්න හිමි රජ කුමාරිය වූ මිකාසා කුමරිය මුල්ගල තැබූ අවස්ථාවේ දුර්ලභ ඡායාරූපයක් පෙන්වමින් දැනට ආනන්ද බාලිකා විද්‍යාල භූමියේ ඇති එතුමිය තැබූ මුල්ගල පිළිබඳ පුවත බානගල හිමියෝ ඔහුට මෙහි දී සිහිපත් කළේය.
මෙහිදී ජපානයේ වාසය කරන තලංගල්ලේ සෝමසිරි හිමියන් විසින් සිංහල බසට පරිවර්තනය කරන ලද ජපන් ග්‍රන්ථ සහ ජපන් බසට පරිවර්තනය කරන ලද සිංහල ග්‍රන්ථ කට්ටලයක්ද තානාපතිතුමාට මෙහි දී ප්‍රදානය කළේය.
මෙම අවස්ථාවට ජපානයේ සවරා ලංකා ජී විහාරවාසී කොස්වත්තේ පාලිත හිමි,මොට්ටුන්නේ අංගීරස හිමි ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ උප සභාපති වසන්ත ද සිල්වා මහතා,අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික අනිල් සී ද සිල්වා මහතා,අම්බපාලි සිකුරාජපති මහත්මිය ද එක් වූහ.
(තානාපතිතුමාගේ කතාවේ දදර්ශන ඇතුළත්ව ඇත)

What's your reaction?

Related Posts

1 of 440

Leave A Reply

Your email address will not be published. Required fields are marked *