ජර්මනියේ මැග්ඩෙබර්ග් නගරයේ බිහිසුණු රිය අනතුරක්

නැගෙනහිර ජර්මනියේ මැග්ඩෙබර්ග් නගරයේ නත්තල් වෙළෙඳපොළකට මෝටර් රථයක් ධාවන කිරීම හේතුවෙන් බිහිසුණු රිය අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් තවත් 60කට අධික පිරිසක් තුවාල ලබා තිබෙන අතර එම අනතුරෙන් කුඩා ළමයෙකු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අනතුර සිදුකළ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

50 හැවිරිදි වියේ පසුවන ඔහු සෞදි අරාබියානු ජාතිකයෙකු බවට අනාවරණ වී තිබෙනවා.

සැකකරු විසින් අදාළ මෝටර් රථය කුලියට ලබා ගෙන හිතාමතා මෙම අනතුර සිදුකර ඇති බවයි පරික්‍ෂණවලදී අනාවරණ වී ඇත්තේ.

එය ත්‍රස්තවාදී ක්‍රියාවක් බවද එරට පොලීසිය පවසනවා.

What's your reaction?

Related Posts

1 of 580

Leave A Reply

Your email address will not be published. Required fields are marked *