ජලාශයක මසුන් ලක්ෂ ගණනක් මියයයි

දකුණු වියට්නාමයේ Dong Nai පළාතේ ජලාශයක මසුන් ලක්ෂ ගණනක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකර සිටිනවා.

පවතින අධික උණුසුම සමඟ මෙම තත්ත්වය ඇතිවන්නට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර සිටින්නේ.

දකුණු සහ මධ්‍යම වියට්නාමය දැඩි උණුසුමෙන් මහත් පීඩාවට පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ.

පවතින අධික උණුසුම සමඟ විදුලි භාවිතයද ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තාකර සිටින්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *