ජල ටැංකියක් හිස මත කඩා වැටීමෙන් දැරියකට දිවි අහිමි වෙයි

ජල ටැංකියක් හිස මත කඩා වැටීමෙන් අවුරුදු තුනක් වයසැති දැරියක් මියගොස් තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ අරලගංවිල රුහුණුගම ප්‍රදේශයේ පදිංචිව සිටි දැරියක්.

එම නිවසේ වැසිකිළියක් මත තබා තිබූ ලීටර 500ක ජලටැංකියට සවිකර තිබු කරාමයකින් දිය නාමින් සිටි ඇය මෙම අනතුරට මුහුණ පා තිබුණා.

පොලිසිය පැවසුවේ දැරිය අරලගංවිල රෝහලට ඇතුළත් කළ ද එහිදි ඇය මියගිය බවයි.

What's your reaction?

Related Posts

1 of 1,203

Leave A Reply

Your email address will not be published. Required fields are marked *