ජල සම්පාදන මණ්ඩලයට වසර 50 ක් සපිරීම නිමිත්තෙන් පැල ලක්ෂයක් රෝපණය කිරීමේ වැඩසටහනක්

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට වසර පනහක් (50) පිරීම නිමිත්තෙන් දිවයින පුරා පැල ලක්ෂයක් රෝපණය කිරීමට පියවර ගෙන ඇතැයි එම මණ්ඩලයේ සබරගමු පළාත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි විකුම් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ ය.

පසුගියදා රත්නපුර ගොඩකවෙල කැන්දපොල ප්‍රාථමික විදුහලේ පැවති රුක් රෝපණ වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට ඵක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

මෙම රුක් රෝපණ වැඩසටහන තුළින් පොල්පළතුරුකුඹුක්මී වැනි පැල වර්ග රෝපණය කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය කටයුතු කර තිබුණි.

රට තුළ පවතින පොල් හිඟය ඉදිරි වර්ෂ තුළ අවම කිරීමත්වන ඝනත්වය වැඩි කිරීමත්දේශිය පලතුරු ප්‍රචලිත කිරීමත් අරමුණු කොට ගෙන මෙම වැඩසටහන දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වේ. ඵලෙස රෝපණය කරන පැල GIS තාක්ෂණය ඔස්සේ ඵ්වායේ පිහිටීම ස්ථානගත කොට සිතියම් ගත කිරීම මඟින් නිරික්ෂණය කිරීමටත්දරුවන් මඟින් ඵය අඛණ්ඩව වර්ධනය කිරීමටත් මේ යටතේ කටයුතු කර ඇත.

මෙම රුක් රෝපණ වැඩසටහනට සමගාමීව ගොඩකවෙල කැන්දපොල ප්‍රාථමික විද්‍යාලයේ දරු දැරියන් සඳහා පාසල් උපකරණ ප්‍රදානයක් ද සිදු විය.

මෙම අවස්ථාවට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ රත්නපුර ප්‍රාදේශිය කළමණාකරු ලසන්ත අමරසේනරක්වාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර සෝමසිරිජ්‍යෙෂ්ඨ සමාජ විද්‍යාඥ ශිරෝමි ප්‍රියදර්ශණී යන මහත්ම මහත්මින් ඇතුළු පිරිසක් ඵක්ව සිටියහ.

What's your reaction?

Related Posts

1 of 735

Leave A Reply

Your email address will not be published. Required fields are marked *