ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාගේ නායකත්වයෙන් යුත් දූත පිරිසක් ඉන්දීය සංස්කෘතික සබඳතා පිළිබඳ කවුන්සිලයේ (ICCR) විශේෂ ආරාධනයකට අනුව අද පෙරවරුවේ ඉන්දියාවේ නව දිල්ලි නුවර බලා පිටත්ව ගියහ. මෙම සංචාරය අතරතුර ඔවුන් නව දිල්ලියට අමතරව ගුජරාට් සහ කේරළ ප්‍රාන්තවල සංචාරය කිරීමට නියමිත අතර, එහිදී එම ප්‍රාන්තවල මහ ඇමතිවරුන් සමඟ විශේෂ සාකච්ඡා පැවැත්වීමට ද සැලසුම් කර ඇත. මීට අමතරව, ඉන්දියාවේ කෘෂිකාර්මික, කාර්මික සහ තාක්ෂණික සංවර්ධනයට අදාළ මධ්‍යස්ථාන නිරීක්ෂණය කිරීමට ද ඔවුන් බලාපොරොත්තු වන අතර, මෙම සංචාරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කරුණානාදන් ඉලංකුමාරන් සහ කිට්නන් සෙල්වරාජ් යන මහත්වරුන් ද එක්ව සිටිති.


























