ජාත්‍යන්තර යාන්ත්‍රණයකට රජය විරුද්ධයි; දේශීය යාන්ත්‍රණයක් සකසන බවට OHCHR ට දැනුම් දෙයි!

මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ජාත්‍යන්තර යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකා රජය විරෝධය දක්වන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය (OHCHR) වෙත නිල වශයෙන් දැනුම් දී ඇත.​මෙවැනි යාන්ත්‍රණ ශ්‍රී ලංකාවේ ප්‍රජාවන් අතර බෙදීම් ඇති කරන බව අගමැතිනී හරිනි අමරසූරිය මහත්මිය අද (2025 ඔක්තෝබර් 24) පාර්ලිමේන්තුවේදී පැවසුවාය.​කෙසේ වෙතත්, දේශීය යාන්ත්‍රණයක් පිහිටුවීමට රජය OHCHR වෙත සහතික වී ඇති බව ඇය වැඩිදුරටත් පැවසුවාය.​අගමැතිනිය සඳහන් කළේ, “මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා දේශීය යාන්ත්‍රණයක් කෙරෙහි අවධානය යොමු කරමින් රජය ජාත්‍යන්තර සංවිධාන සමඟ කටයුතු කරනු ඇත”.

What's your reaction?

Related Posts

1 of 890

Leave A Reply

Your email address will not be published. Required fields are marked *