ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ රුපියල් ලක්ෂ 13 කට වැඩි මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ රුපියල් ලක්ෂ 13 කට වැඩි මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බවට කොළඹ දූෂණ  වංචා විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මේජර්වරයෙක් සහ කාන්තාවක් ඇප මත මුදා හැරිමට  කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය (21) නියෝග කළාය.
එම මුදලින් රුපියල් ලක්ෂ 13ක මුදලක් ගෙවා ඇති බවට කරුණු තහවරු කිරිම හේතුවෙන් එය සුවිශේෂි කරුණක් සේ සලකා ඇප ලබා දෙන බව ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් දෙදෙනා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප මත මුද හරින ලෙස නියෝග කළාය.
මෙලෙස ඇප මත මුදා හැරුනේ මේජර්වරයෙකු සහ  නිලුෂි අනුරාධා නැමැත්තියක වේ.මේ සිද්ධියේ වරද පිළිගැනිමට ෂූදානම් බවට විත්ති පාර්ශවයෙන් කරුණු ඉදිරිපත් ළුූ බැවින් සමථයක් ඇදැදිය සලකා බැලීඹට නඩුව ලබන පෙබරවාරි මස 18 යළි කැඳවන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

ලැබුණු පැමිනිල්ලක් ප්‍රකාරව සැකකාර මේජර්වරයාගේ ජාතික ඉතිරි කිරීමේ බැංකු ගිණුමේ ශේෂය රුපියල් 38,000 ක් ලෙස සටහන්ව තිබියදී පසුගිය වසරේ අප්‍රේල් 19 වැනිදා අවස්ථා 27දී ඔහු සිය ගිණුමෙන් ලක්ෂ 13 කට වැඩි මුදලක් තවත් බැංකු 3 ක ගිණුම් වලට මාර්ගගතව බැර කරගෙන ඇති බවට ලද කොළඹ දූෂණ  වංචා විමර්ශන ඒකකය සිදු කළ විමර්හන අනාවරණ කළ බවට එම ඒකකයේ  සැරයන් 5525 කපුගේ මහතා අධිකරණය ඉදිරියේ සැකරකුවන් දෙදෙනා ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *