ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව සත්‍ය ඉල්ලුම සලකා බැලීමකින් තොරව අධික ලෙස ටිකට්පත් මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් මෑතකදී සිදු කළ විගණනයකින් විවේචනයට ලක්ව තිබේ. මෙය අකාර්යක්ෂම වියදමක් ලෙස විගණන වාර්තාවේ සඳහන් කර ඇත.විගණනය මගින් හෙළි වූයේ 2022 සිට 2024 දක්වා වසර තුනක කාලය තුළ අනෙකුත් කෞතුකාගාරවල සාමාන්‍ය වාර්ෂික අවශ්‍යතා නොසලකා, ටිකට්පත් පොත් 500 සිට 2,000 දක්වා ප්‍රමාණයන්ගෙන් මුද්‍රණය කර ඇති බවයි.විගණන වාර්තාවට අනුව 2022 දී ටිකට්පත් 100 ක් මුද්‍රණය කිරීම සඳහා රු. 1,698,148 ක් වැය කර ඇත.2023 දී ටිකට්පත් 3,500 ක් සඳහා රු. 2,576,061 ක් වැය කර ඇත.මේ අනුව, මුළු වියදම රු. 4,274,259 ක් වන අතර, මෙම වියදම අකාර්යක්ෂම ලෙස වාර්තාව විස්තර කර ඇත.කෙසේ වෙතත්, විගණන වාර්තාවේ සඳහන් වූයේ මෙම අධික ලෙස ටිකට්පත් මුද්‍රණය කිරීම (bulk printing) සිදු කර ඇත්තේ පශ්චාත්-කොවිඩ් සංචාරක පුනර්ජීවනයත් සමඟ අපේක්ෂිත නරඹන්නන්ගේ වැඩිවීමක් සපුරාලීම සඳහා බවයි. එසේම, 2024 සහ 2025 වසරවලදී නරඹන්නන්ගේ සංඛ්‍යාවේ සැලකිය යුතු වර්ධනයක් දැනටමත් දක්නට ලැබී ඇත.ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු ප්‍රකාශ කළේ, තවදුරටත් මුද්‍රණය නොකර දැනට පෙර මුද්‍රණය කර ඇති තොගය භාවිතා කරන බවයි.විගණනය නිර්දේශ කර ඇත්තේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සහ අනවශ්‍ය පිරිවැය වළක්වා ගැනීම සඳහා දෙපාර්තමේන්තුව විසින් නූතන, තාක්ෂණය පදනම් කරගත් ටිකට්පත් නිකුත් කිරීමේ පද්ධතියක් (technology-based ticketing system) ක්‍රියාත්මක කළ යුතු බවයි.
























