ජාතික ජන බලවේගය නියෝජනය කරමින් එළඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා තරඟ වදින කණ්ඩායම්

ජාතික ජන බලවේගය නියෝජනය කරමින් එළඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා තරඟ වදින කණ්ඩායම් අද (17) දින පෙරවරුවේ සිට නාමයෝජන පත්‍ර සඳහා අත්සන් තැබීම බත්තරමුල්ල පැලවත්තේ පිහිට එම පක්ෂ මූලස්ථානයේදී ආරම්භ කරනු ලැබීය. මෙම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, ජාතික ජන බලවේගයේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් අබේසිංහ , කොළඹ මහ නගර සභා කණ්ඩායම් නායක සහ කඩුවෙල මහ නගර සභා කණ්ඩායම් නායකයින් එක්විය.

නාමයෝජනා පත්‍රයට අත්සන් තැබීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්…

මන්ත්‍රීවරු කොන්ත්‍රාත් කරන, කප්පම් ගන්න, පගා ගහන දේශපාලනය වෙනුවට මන්ත්‍රීවරු නගරාධිපතිවරු නගරාධිපතිවරියෝ ජනතාව එක්ක එකතු වී වැඩ කරන දේශපාලන සංස්කෘතියක් අපි ඇති කරනවා – ජ.වි‌.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා

මෙවර පළාත් පාලන මැතිවරණයේ තීරණාත්මක වෙනසක් වෙනුවෙන් ජනතාව මාලිමාව වටා පෙළගැසෙන බව විශ්වාසයි – ජාතික ජන බලවේගයේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් අබේසිංහ

අපට ඉතාමත් ශක්තිමත් කණ්ඩායමක් ඉන්න බව පාර්ලිමේන්තු මැතිවරණයේදිත් පෙන්නුවා. ඒක පළාත් පාලන මැතිවරණයේදිත් අපි පෙන්වනවා. කොළඹ මහ නගර සභාව ඇතුළුව රටේම පළාත් පාලන ආයතන අපි ජයග්‍රහණය කරනවා – කොළඹ මහ නගර සභා කණ්ඩායම් නායිකා, ව්‍රායි කැලී බල්තසාර්

කඩුවෙල මහ නගර සභාවෙන් මෙතෙක් ජනතාව ගෙවන බදු මුදලට සාධාරණයක් ඉටු වුණේ නෑ. අපි සූදානම් වරදානයක් වරප්‍රසාදයක් ලෙස නෙවෙයි මේක වගකීමක් ලෙස බාරගෙන කඩුවෙල පුරවරය සංවරධනය කරන්න. – කඩුවෙල මහ නගර සභා කණ්ඩායම් නායක රංජන් ජයලාල්

What's your reaction?

Related Posts

1 of 621

Leave A Reply

Your email address will not be published. Required fields are marked *