ජාතික පාසල් ගුරු මාරු නියෝග නිකුත් වෙයි: අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාව මෙන්න!

2025 වාර්ෂික සහ අනිවාර්ය ජාතික පාසල් ගුරු මාරු ක්‍රමවේදය යටතේ වන මාරු නියෝග නිකුත් කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කරන ආකාරය පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය සියලුම ජාතික පාසල් විදුහල්පතිවරුන් දැනුවත් කර තිබේ. ඒ අනුව, ප්‍රාථමික (සාමාන්‍ය) විෂය කාණ්ඩයට අයත් ගුරුවරුන්ගේ මාරු නියෝග 2026 ජනවාරි 06 වැනිදා සිට nstt.moe.gov.lk ද්වාරය ඔස්සේ මාර්ගගතව (Online) බැලිය හැකි බව ගුරු ආයතන අතිරේක ලේකම් ඒ.ජේ.එස්.එස්. එදිරිසූරිය මහතා නිවේදනය කරයි. මීට පෙර නිකුත් කළ මාරු නියෝගයක් ක්‍රියාත්මක නොකළ ගුරුවරයෙකුට 2025 වසර සඳහා නව මාරු නියෝගයක් ලැබී ඇත්නම්, පැරණි නියෝගය අවලංගු වන බවද අමාත්‍යාංශය අවධාරණය කරයි.​ලැබී ඇති මාරු නියෝග සම්බන්ධයෙන් අතෘප්තිමත් වන ගුරුවරුන්ට 2026 ජනවාරි 06 සිට ජනවාරි 20 දක්වා කාලය තුළ අදාළ වෙබ් අඩවිය හරහා වාර්ෂික මාරු සමාලෝචන කමිටුවට අභියාචනා ඉදිරිපත් කළ හැකිය. මාර්ගගතව අභියාචනය ඉදිරිපත් කිරීමෙන් පසු, එහි මුද්‍රිත පිටපතක් අදාළ ලේඛන සමඟ ජනවාරි 21 වැනිදාට පෙර තමන් වැටුප් ලබන පාසලේ විදුහල්පතිවරයාට භාර දිය යුතුය. විදුහල්පතිවරුන් විසින් සිය නිර්දේශ ජනවාරි 22 වැනිදාට පෙර පද්ධතියට ඇතුළත් කළ යුතු අතර, එම අයදුම්පත්වල මුද්‍රිත පිටපත් ජනවාරි 27 වැනිදාට පෙර අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරු මාරු අංශය වෙත ලියාපදිංචි තැපෑලෙන් හෝ අතින් ගෙනැවිත් භාර දිය යුතුය. මේ පිළිබඳ තාක්ෂණික ගැටලු පවතින්නේ නම් 011-2075854 අංකය හරහා දත්ත කළමනාකරණ අංශය ද, මාරුවීම් පිළිබඳ විමසීම් සඳහා 011-2784837 අංකය හරහා ජාතික පාසල් ගුරු මාරු අංශය ද සම්බන්ධ කර ගත හැකිය.

What's your reaction?

Related Posts

1 of 933

Leave A Reply

Your email address will not be published. Required fields are marked *