ජාතික පුනරුදයට පෙළ ගැසෙමු – 77 වන නිදහස් දිනයට සියල්ල සූදානම්

‘ජාතික පුන­රු­ද­යට පෙළ­ගැ­සෙමු’ තේමාව යටතේ 77 වැනි නිද­හස් උත්ස­වය නිද­හස් චතු­රස්‍ර පරි­ශ්‍රයේ දී අභි­මා­න­වත් අන්ද­මින් පැවැ­ත්වී­මට සියලු කට­යුතු සූදා­නම් බව රාජ්‍ය පරි­පා­ලන, පළාත් සභා හා පළාත් පාලන අමා­ත්‍යාං­ශය පව­සයි.

අඩු පිරි­වැ­ය­කින්, මහ­ජ­න­තා­වට සිදු වන පීඩා අවම වන අන්ද­මින් හා වැඩි ජන සහ­භා­ගි­ත්ව­ය­කින් යුතුව මෙවර නිද­හස් දින උත්ස­වය පැවැ­ත්වී­මට අමා­ත්‍යාං­ශය සැල­සුම් කර තිබේ.

හමුදා සාමා­ජි­ක­යන් 1,873කට හමුදා පෙළ­පා­ළිය සීමා කර ඇති අතර ගිය වස­රට සාපේ­ක්ෂව හමුදා පෙළ­පා­ළියේ සාමා­ජි­ක­යන් සංඛ්‍යාව 1,511කින් අඩු කර තිබේ.
මෙවර පෙළ­පා­ළිය සඳහා ත්‍රිවිධ හමුදා සන්නද්ධ රථ ආදිය යොදා නොගැ­නී­ම­ටත් තීර­ණය කර තිබේ. ඉකුත් වසරේ ගුවන් යානා 19ක් නිද­හස් දින උත්ස­වය වෙනු­වෙන් යොදා­ගෙන ඇති අතර මෙවර ජාතිය කොඩිය ගුව­නින් ගෙන යෑම සඳහා ගුවන් යානා තුනක් පම­ණක් යොදා ගනියි.

සාම්ප්‍ර­දා­යි­කව නිද­හස් දින දහ­වල් 12.00ට මුහුදේ නෞකා­වක් තුළ නාවික හමු­දාව විසින් පව­ත්වනු ලබන වෙඩි මුර 25ක් පැවැ­ත්වීම මෙවර ද පැවැත්වේ.

What's your reaction?

Related Posts

1 of 560

Leave A Reply

Your email address will not be published. Required fields are marked *