ජාතික යොවුන් සේනාංකයේ නව අධ්‍යක්ෂවරයා වැඩ භාර ගනී.
ජාතික යොවුන් සේනාංකයේ නව අධ්‍යක්ෂ වශයෙන් ගාමිණී වික්‍රමපාල මහතා අද ( 23 ) දින ජාතික යොවුන් සේනාංකයේ දී සිය තනතුරේ වැඩ භාර ගත්තේය. මෙම අවස්ථාවට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර සහභාගී විය.
ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු ලෙස සේවය කොට වසර තිහකට වැඩි අත්දැකීම් ඇති ගාමිණී වික්‍රමපාල මහතා, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ලෙසද, සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ සභාපතිවරයා වශයෙන් සහ ජාතික තරුණ සේවා සභාවේ වැඩබලන සභාපතිවරයා වශයෙන් ද කලක් කටයුතු කර ඇත.
වැඩභාර ගැනීමෙන් අනතුරුව නිලධාරීන් ඇමතූ අධ්‍යක්ෂකවරයා පැවසුවේ, නව රජයේ ප්‍රතිපත්තිවලට අනුකූලව, තරුණ තරුණියන් බල ගැන්වීම සඳහා වත්මන් රජය සමඟ අත්වැල් බැඳගන්නා බවත්, ජාතික යොවුන් සේනාංකයේ සියලුම නිලධාරීන් සමඟ දේශපාලන භේදයන්ගෙන් තොරව එක්ව සාමූහිකව කටයුතු කරන බවත් ය.
මෙම අවස්ථාවට එක් වූ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යවරයා ද අදහස් දැක්වූ අතර එහිදී, වර්තමාන තරුණ තරුණියන් හුදෙකලාවට පත් වී ඇති බවත්, fake සබඳතාවයන්ට වර්තමාන තාරුණ්‍ය නැඹුරු වී සිටින බවත්, ඔවුන් ඉන් මුදවා ගනිමින් මානව සමාජය තුළ ආදරය, සමාජ ප්‍රේමය සහිත දියුණු තාරුණ්‍යක් නිර්මාණය කිරීම තුළ සංවර්ධිත රටක් නිර්මාණය කිරීමෙහි ලා බලපාන බවත් සඳහන් කළේය.
වර්තමාන තාරුණ්‍ය දේශපාලනයෙන් ඈත් වීම සම්බන්ධයෙන් ද අදහස් දැක් වූ අමාත්‍යවරයා, ඉදිරියේ දී තරුණ තරුණියන් දේශපාලනයට මැදිහත් කරගැනීම වෙනුවෙන් Political Academy ගොඩනැගීමට බලාපොරොත්තු වන බව පැවසුවේය.
සමාජ සංවර්ධනයට, මානව වර්ගයාගේ ප්‍රගමනයට හේතු වන නිර්ණායක අනුව කටයුතු කිරීමේ වැදගත්කමත්, පෞද්ගලික හිතවත්කම් මත කිසිඳු තනතුරු ලබා දීමක් සිදු නොකරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මානව සමාජයේ ජීවත් වන තරුණයා, අනෙකා ගැන සංවේදී වන, ආදරය,දයාව සහිත තරුණයෙක් සහ මානව සමාජය ජයග්‍රහණය කරා ගෙන යා හැකි තරුණයෙක් නිර්මාණය කරගැනීම සියලුම දෙනාට පැවරෙන වගකීමක් බවත්, එය නිර්ණායකයක් ලෙස ගෙන ඉදිරියේ දී වැඩ කටයුතු කරන ලෙසත් අමාත්‍යවරයා නිලධාරීන් හමුවෙහි වැඩිදුරටත් පවසන ලදී.
අද (23) වන දින ජාතික යොවුන් සේනාංක මූලස්ථානය තුළ නව අධ්‍යක්ෂක වරයා වැඩබාර ගන්නා අවස්ථාවට සහභාගී වෙමින් අමාත්‍යවරයා අදහස් දක්වමින්.