ජාතික රක්ෂණ භාර අරමුදලේ මුදල් රුපියල් මිලියන 96ක් එහි සේවක පිරිසක් රජයට අහිමි කළ බවට ලද පැමිණිල්ලක්

ජාතික රක්ෂණ භාර අරමුදලේ මුදල් රුපියල් මිලියන 96ක් එහි සේවක පිරිසක් විසින් දූෂිත ක්‍රියාවන් සිදු කරමින් රජයට අහිමි කළ බවට ලද පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද 5 අධිකරණයට දැනුම් දුන්නේය.
2008-2023 කාලය තුළ මෙම මුදල අහිමි කර ඇති බවට එහි සේවක පිරිසක් විසින් ජනාධිපති ලේකම් කාර්යාලය ට යොමු කරන ලද පෙත්සමක් අනුව විමර්ශන ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.
පොලිස්තිවරයාගේ උපදෙස් ප්‍රකාරව විමර්ශන ආරම්භ කළ බව දැනුම් දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම විමර්ශන සදහා අවශ්‍ය නියෝග අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
අවශ්‍ය නියෝග නිකුත් කළ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කර අධිකරණය දැනුම් දෙන ලෙස නියෝග කළ අතර එතෙක් නඩුව බහා තබන ලෙස නියෝග කළාය.

What's your reaction?

Related Posts

1 of 560

Leave A Reply

Your email address will not be published. Required fields are marked *