ජාතික සහ ජාත්‍යන්තර තලයේ ක්‍රිකට් ක්‍රීඩිකාවන් බිහි කරන මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායම සඳහා පුහුණුව සඳහා අඩුපාඩුවක්ව පැවැති ලණු පැදුරු පැතිවිකට්ටුවක් ලබාදුන්නා

ජාතික සහ ජාත්‍යන්තර තලයේ ක්‍රිකට් ක්‍රීඩිකාවන් බිහි කරන මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායම සඳහා පුහුණුව සඳහා අඩුපාඩුවක්ව පැවැති ලණු පැදුරු පැතිවිකට්ටුවක් ලබාදුන්නා
ඒ චිලව් මේරියන්ස් ක්‍රීඩා සමාජයේ ගොඩ්ෆ්‍රි දබරේරා මහතාගේ පූර්ණ ධන පරිත්‍යාගයෙන් මෙය ලබාදීම විශේෂත්වයක්
ජාතික සහ ජාත්‍යන්තර තලයේ ක්‍රිකට් ක්‍රීඩිකාවන් බිහි කරන මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායම සඳහා පුහුණුව සඳහා අඩුපාඩුවක්ව පැවැති ලණු පැදුරු පැතිවිකට්ටුවක් ( මැටින් පැතිවිකට්ටුවක් )
ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන ක්‍රීඩාංගන සැකසුම්කරු ගොඩ්ෆ්‍රි දාබරේරා මහතාගේ පූර්ණ ධන පරිත්‍යාගයෙන් සකස් කොට විද්‍යාලයට ලබාදීම අද සිදුකෙරුණා. ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව වන මනුදී නානායක්කාරද බිහිකළ මෙම පාසල ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩිකාවන් බිහිකරන ප්‍රධාන පාසැලක් ලෙස මේ වන විට කටයුතු කර තිබෙනවා. පාසල් ක්‍රිකට් කණ්ඩායමට පුහුණුවීම සඳහා මෙතෙක් පැවතියේ සිමෙන්ති ක්‍රිකට්ටුවක් වන අතර එම අඩුපාඩුව සපුරාලමින් ගොඩෆ්‍රි දාබරේරා මහතා විසින් මෙම මැටින් විකට්ටුව පාසලට සාදා භාරදීම මෙසේ සිදු කෙරුණා.
මෙම අවස්ථාවට පාසලේ විදුහල්පති තිලිනි කෞශල්‍යා විජෙවිර මහත්මිය
ඇතුළු ආචාර්ය මණ්ඩලය මෙන්ම ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකාවන් දෙමව්පියන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියා.

What's your reaction?

Related Posts

1 of 464

Leave A Reply

Your email address will not be published. Required fields are marked *