2004 වර්ෂයේ සුනාමි ව්‍යසනයෙන් අප රටේ 35,000 කට අධික පිරිසක් මිය ගිය අතර පුද්ගලයින් 5,000 කට වැඩි පිරිසක් අතුරුදහන් විය. එමෙන්ම බිලියන ගණනක් වටිනා දේපළ ද විනාශ විය. එබැවින් 2005 වර්ෂයේ සිට සෑම වර්ෂයකම දෙසැම්බර් මස 26 වන දින ” ජාතික සුරක්ෂිත දිනය” ලෙස ප්‍රකාශයට පත් කරන ලද අතර එදින සුනාමි ව්‍යසනයෙන් සහ විවිධ ආපදා වලට ගොදුරුවීමෙන් මිය ගිය පුරවැසියන් සිහිපත් කිරීමට කටයුතු කරන මෙන් 2005 අංක 15/1975/715/001-1 දරණ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මගින් දන්වා ඇත. ඒ අනුව 2005 වසරේ සිට 2014 වසර දක්වා ජාතික සුරක්ෂිත දිනය අඛණ්ඩව ජාතික උත්සවයක් ලෙස සැමරීම සිදු කරන ලදි