ව්‍යාපාරික සීමාවන්ගෙන් ඔබ්බට යමින් සමාජ සුභසාධනය වෙනුවෙන් කැපවන ප්‍රයිම් සමූහය (Prime Group),සුළි කුණාටුවෙන් පීඩාවට පත් ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමේ අරමුදල වෙනුවෙන් රුපියල් මිලියන 200 ක දැවැන්ත මූල්‍ය පරිත්‍යාගයක් සිදු කර ඇත. මෙය මෙරට ආයතනයක් විසින් ජාතික පුනර්ජීවනය උදෙසා ලබා දුන් ඉහළම දායකත්වයක් ලෙස සැලකෙන අතර, රටේ දුෂ්කර අවස්ථාවලදී ජාතියට සහය වීම තම සමාගමේ වගකීමක් බව ප්‍රයිම් සමූහය විශ්වාස කරයි. විශේෂයෙන්ම අධ්‍යාපනය හා සෞඛ්‍ය ක්ෂේත්‍ර නගාසිටුවීම කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන එම සමාගම, අනාගත පරපුර උදෙසා එම පහසුකම් සුරක්ෂිත කිරීම තම යුතුකමක් සේ සලකයි.ප්‍රයිම් සමූහයේ සම සභාපතිනි සඳමිණි පෙරේරා මහත්මිය ප්‍රකාශ කළේ, අධ්‍යාපනය රටේ අනාගතය බැවින් එය තම වගකීමක් ලෙසත්, සෞඛ්‍ය පහසුකම් සැලසීම තම යුතුකමක් ලෙසත් සලකා හෙට දවස වෙනුවෙන් එම පද්ධතීන් ශක්තිමත් කිරීමට නිරන්තරයෙන් කැපවන බවයි. මෙම කැපවීම තහවුරු කරමින්, ආපදාවෙන් පීඩාවට පත් පොලිස් නිලධාරීන්ගේ දූදරුවන්ට අවශ්‍ය පාසල් උපකරණ කට්ටල ලබාදීමට ද සමාගම පියවර ගත්තේය. එමෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් කෑගල්ල රෝහලට ඩයලිසිස් යන්ත්‍ර තුනක් පරිත්‍යාග කළ ප්‍රයිම් සමූහය, අපේක්ෂා රෝහලේ රේඛීය ත්වරණ යන්ත්‍ර (Linear Accelerator) ක්‍රියාත්මක කිරීමට අත්‍යවශ්‍ය වන, රසායනික කාන්දුවීම්වලින් තොර විකිරණ බංකරයක් ද ඉදිකර දීමට නියමිතය. මීට අමතරව කළුබෝවිල රෝහලේ 38 වන වාට්ටුව නඩත්තු කිරීම ද ඔවුන් විසින් සිදු කරනු ලබයි.වසර 30 ක අභිමානවත් ඉතිහාසයක් ඇති ප්‍රයිම් සමූහයේ සභාපති ප්‍රේමලාල් බ්‍රහ්මණගේ මහතා සඳහන් කළේ, සැබෑ නායකත්වය යනු ජනතාවගේ ජීවිත කෙරෙහි ඇති කරන බලපෑම සහ ඔවුන් තුළ ඇති කරන බලාපොරොත්තුව බවයි. ව්‍යාපාරයක් දියුණු වීමට නම් රටේ ජනතාවගේ යහපැවැත්ම සුරක්ෂිත කළ යුතු බවත්, සේවාවන්ට එහා ගිය සැනසිලිදායක හෙට දවසක් උදාකිරීම තම මූලික අරමුණ බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. ජාතිය ගොඩනැගීම වෙනුවෙන් වසර තිහක කැපවීමක් සහිත ප්‍රයිම් සමූහය, සියල්ලන්ටම සුදුසු යහපත් ලෝකයක් නිර්මාණය කිරීම උදෙසා අඛණ්ඩව පෙරමුණ ගෙන සිටියි.


























