දේශපාලන බලය අහිමි වූ ඇතැම් කණ්ඩායම් රට තුළ යළිත් ජාතිවාදී බෙදීම් ඇති කිරීමට උත්සාහ කරමින් සිටින බවත්, ඒ සඳහා කිසිසේත්ම ඉඩ නොතබන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. උතුරු පළාතේ පැවැති “රටම එකට” මත්ද්‍රව්‍ය විරෝධී වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, ආගමික වතාවත්වලට මුවා වී ඇතැම් පිරිස් හිතාමතාම වාර්ගික නොසන්සුන්තාවන් ඇති කිරීමට උත්සාහ දරන බවයි. විශේෂයෙන්ම යාපනය තිස්ස විහාරය ආශ්‍රිතව මෑතකදී සිදු වූ සිදුවීමක් උදාහරණයට ගනිමින් ඔහු කියා සිටියේ, අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ පසුකරමින් යාපනයේ නිශ්චිත ස්ථානයකට සිල් සමාදන් වීම සඳහා පැමිණීම ආගමික මෙහෙවරකට වඩා වෛරය වපුරන ක්‍රියාවක් බවයි.එමෙන්ම පෝය දිනවල විහාරස්ථාන අසල රැස්වෙමින් ඉඩම් ගැටලු මුල්කරගෙන සිදුකරන විරෝධතා පිටුපස ඇත්තේ සැබෑ ඉඩම් ප්‍රශ්නයක් නොව ජාතිවාදී උවමනාවක් බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. මෙලෙස විරෝධතාවල නිරත වන පුද්ගලයන්ට අදාළ ප්‍රදේශවල සැබවින්ම ඉඩම් පවතීද යන්න පිළිබඳව විමර්ශනය කරන ලෙස තමන් බුද්ධි අංශවලට උපදෙස් දී ඇති බවද ඔහු සඳහන් කළේය. බලය අහිමි වූ අන්තවාදී කණ්ඩායම් ප්‍රාදේශීය මට්ටමින් ජාතිවාදය ඇවිස්සීමට දරන උත්සාහයන් පරාජය කර, රට තුළ නැවත කිසිදු අන්තවාදී ප්‍රවණතාවකට හිස එසවීමට ඉඩ නොදෙන බව ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සහතික විය.


























