ජැක්සන් ඇන්තනිගේ දුවයි බෑනයි පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් දායි

ජැක්සන් ඇන්තනි මහතාගේ දියණියගේ සැමියා වූ කසුන් මහේන්ද්‍ර මහතාට ඊයේ සවස නිවස අසලදී පොලිසිය විසින් පහරදී පොලිසියට රැගෙන ආ සිද්ධියක් සම්බන්ධයෙන් අද පොලිස් මූලස්ථානයට පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කළා

මාධවී ඇන්තනී සහ නීතිඥයන්ද පැමිණිල්ල ඉදිරිපත් කිරීමට පැමිණ සිටියා

, මෙහිදී කසුන් කියා සිටියේ හබරකඩ පිහිටි තම නිවස අසල වෙළඳසැලට පැමිණ සිටියදී සිවිල් ඇද ගත් පොලිස් නිලධාරීන් කීපදෙනෙක් තමාට තර්ජනය කළ බවයි
පසුව පොලිස් ත්‍රී රෝද රථයේ දමාගෙන පොලිස් ස්ථානයට රැගෙන ගොස් තිබෙනවා
පසුව මාධවී ඇන්තනී මහත්මිය කසුන් මහතාගේ හැඳුනුම්පත් රැගෙන පොලිසියට ආ බව ඔහු කියා සිටියා
මෙහිදී ජැක්සන් ඇන්තනි මහතාට අපහාසාත්මක වන පරිදි ොලිස් ස්ථානාධිපතිවරයා විසින් විවිධ ප්‍රකාශ කළ බවයි ඔහු කියා සිටින්නේ..

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *