කැරිබියන් දූපත් හරහා පුද්ගලයන් හත් දෙනෙකුගේ මරණයට හේතු වූ ‘මෙලිසා’ සුළි කුණාටුව මේ වසරේ ලොව ප්‍රබලතම කුණාටුව ලෙස සටහන් වෙමින් ජැමෙයිකාවට බලපෑම් එල්ල කිරීමට සූදානම් වේ.පස්වන ගණයට (Category 5) අයත් වන මෙම සුළි කුණාටුව අඟහරුවාදා අලුයම ජැමෙයිකාවට ගොඩබසිනු ඇතැයි අපේක්ෂා කරන අතර, එය පැයට සැතපුම් 175ක් (mph) දක්වා වූ උපරිම තිරසාර සුළං සහ අඟල් 30ක් තරම් අධික වර්ෂාපතනයක් සමඟ රටට බලපානු ඇත.මියාමි හි ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානය (National Hurricane Center) අනතුරු අඟවා ඇත්තේ, “ව්‍යසනකාරී සහ ජීවිතවලට තර්ජනයක් වන හදිසි ගංවතුර සහ බොහෝ නායයෑම් සිදුවීමට ඉඩ ඇති” බවයි.මියගිය පුද්ගලයන් හත් දෙනාගෙන් තුන් දෙනෙකු ජැමෙයිකාවෙන්ද, තවත් තුන් දෙනෙකු හයිතියෙන්ද සහ එක් අයෙකු ඩොමිනිකන් ජනරජයෙන්ද වාර්තා වී ඇත.මෙලිසා යනු දිවයිනට කඩා වැදුණු ඉතිහාසයේ ප්‍රබලතම කුණාටුව විය හැකි බවට අනතුරු අඟවමින්, ජැමෙයිකාවේ අගමැති ඇන්ඩෲ හෝල්නස් (Andrew Holness) මෙසේ පැවසීය: “මම දණින් වැටී යාඥා කරමින් සිටිමි.”“මෙම ප්‍රජාවන්ගෙන් බොහොමයක් මෙම ගංවතුරෙන් නොනැසී පවතිනු ඇතැයි සිතිය නොහැකියි,” යැයි පළාත් පාලන අමාත්‍ය ඩෙස්මන්ඩ් මැකෙන්සි (Desmond McKenzie) සඳුදා පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. “කිංස්ටන් (Kingston) ඉතා පහත්, අතිශයින්ම පහත් ප්‍රදේශයකි. කිංස්ටන් හි කිසිදු ප්‍රජාවක් ගංවතුරෙන් ආරක්ෂා වී නැත.”ජැමෙයිකාවේ තොරතුරු අමාත්‍ය ඩේනා මොරිස් ඩික්සන් (Dana Morris Dixon) කියා සිටියේ, කුණාටුවේ බලය පෙර නොවූ විරූ බවයි. “අපි වර්ෂාපතන ප්‍රමාණයන් ගැන අසා තිබෙනවා. ඒවා අපි මීට පෙර කිසිදා අසා නැති සංඛ්‍යා,” ඔහු වැඩිදුරටත් පැවසීය.























