ජුලී චංග් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර සමුගැනීමේ හමුවක්

​ශ්‍රී ලංකාවේ සිය සේවා කාලය නිම කර යළි අමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාමට සූදානම් වන මෙරට අමෙරිකානු තානාපතිනි ජුලී චංග් මහත්මිය අද කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු විය. මෙම හමුව සමුගැනීමේ අවස්ථාවක් ලෙස පැවැත්වුණු අතර, එහිදී තානාපතිවරිය සිය සේවා කාලය තුළ ශ්‍රී ලංකාවට ලබා දුන් සහයෝගය වෙනුවෙන් විපක්ෂ නායකවරයා ඇයට සිය කෘතඥතාව සහ ගෞරවය පිරිනැමීය. තානාපතිනිය ලෙස ඇය ඉටුකළ විශිෂ්ට සේවය සහ ලබා දුන් දායකත්වය කිසිදා අමතක නොවන බව ද ප්‍රේමදාස මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

What's your reaction?

Related Posts

1 of 1,032

Leave A Reply

Your email address will not be published. Required fields are marked *