ජෙනරාල් ජානක පෙරේරාගේ පෞද්ගලික වෛද්‍ය
ජෙනරල් ජානක පේරේරා ගාතන සිදිදියට හිටපු දේශපාලනඥයන්ගේ නම් දැන් ඈඳී තිබෙනවා .මේක එල්ටීටීඊ සංවිධානයද දේශපාලන බලපෑම් මත සිදුවූ දෙයක් ද යන්න විමර්ශන කටයුතු සිදු කිරීමට අවශ්‍ය තත්ත්වයක් උදාවී තිබෙනවා.අපි මේක මීට කලින් කතා කරාට ඒක හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක් උනා .නව රජය අපි විශ්වාස කරනවා හරි දේ සොයාබලා කටයුතු කරනවා කියා අපි ඒ පිළිබඳව පැහැදිලි විමර්ශනයක් කරන ලෙස ඉල්ලා සිටිනවා .අගතියට පත් ජනතාවට ජීවත් වෙන්න ක්‍රමයක් සලසා දෙන මෙන් රජයෙන් අපි ඉල්ලා සිටිනවා .අපි බලාපොරොත්තු වෙනවා ඒ අය උනන්දුවෙන් ඒ ගැන කටයුතු සිදුකරයි කියලා.
ඥාති ප්‍රියන්ත පේරේරා
උතුරු මැද පළාතේ සිටි නිශ්ශංක දිසානායක යන පළාත් සභා මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයක් සමග අපිට නැවතත් මෙතෙන්ට එන්න සිද්ධ වුණේ .ඔහු ප්‍රකාශ කරනවා දැනට ත්‍රස්තවාදියෙක් ලෙස සිර දඬුවම් ලබන පුද්ගලයා ඔහු ළඟ සිට අවසානයේදී කෙහෙළිය රඹුක්කුවැල්ල ළඟ තමයි අවසානයේ රැකියාවේ නියුතු වෙලා තිබෙන්නේ .
නිස්සංක මහත්මයා 2015 වර්ෂයේදී මේ කුමාර්හත්තයම් යන පුද්ගලයා බැලීමට බන්ධනාගාරයට ගිය අවස්ථාවේදී ඔහු පවසා සිටියා කෙහෙළිය රඹුක් කරලා අමාත්‍යවරයා තමයි මේ ප්‍රහාරයට සම්බන්ධ කියා ඔහු ඉල්ලා සිටිනවා මේ පිළිබඳව පාපොච්චාරණයක් කිරීමට.