හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට අධිකරණය අද (ජනවාරි 23) නියෝග කළේය. සැකකරුවන් අද දින අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ හිටපු අමාත්‍යවරයාගේ පුතුන් දෙදෙනා ඇතුළු පිරිස ලබන ජනවාරි 30 වැනිදා දක්වා නැවත රිමාන්ඩ් භාරයේ තැබිය යුතු බවයි.සමූපාකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ සතොස ආයතනයට අයත් ලොරි රථයක් අවභාවිත කළ බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් ජනවාරි 5 වැනිදා මොවුන් අත්අඩංගුවට ගන්නා ලදී. එදින වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු සැකකරුවන් පිරිස මුල්වරට රිමාන්ඩ් භාරයට පත් කෙරිණි.


























